introduction about Forex

Forex වල වර්තමාන ලංකාවේ තත්වය.......   

 ලංකාවේ මේ වෙනක්කොට සීග්‍රයෙන් වර්ධනයවන අමතර අදායම් යිපයිමේ ක්‍රමයක් ලෙස Forex පත් වී හමාරය.ගොඩක් දෙනෙක්ට මේ ගැන අහන්න දකින්න හම්බුනත් ඒක ඉගෙන ගන්න අසව තිබ්බත් සරල සිංහලේන් ඉගෙනීමට හැකියාවක් නොමැති වීම නිසා මෙය ප්‍රචලිතවීමට අවහිර වී තිබේ.තවද මේ ගැන ඇති
BLOG සහ  WEB අඩවි වලින්ද හැදින් වීමක් ලබාදුන්නද එතනින් එහාට දැනුම ඔව්න්ගෙන් ලබා ගැනීමටනම් සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යයි.ඉදිරියට යන කෙනෙක්ට අනිවාර්යෙන් ඉහල දැනුමක් මේ පිළිබඳව අවශ්‍ය වේ.අපගේ මේ වැයම සරල සිංහලේ මුල සිට අග දක්වාම සම්පුර්ණ නොමිලේ පාඩම් මාලාවක් ගෙන එමටයි.මෙහි ඇති ක්‍රමසිංහල භාෂාවෙන්ම අඩංගු කිරීමට කටයුතුකරනවා.ඉතිං ඉවසීමෙන් රැඳෙන්නඅප සමග...

මොකක්‌ද මේ Forex කියන්නේ?

      Forex කියන්නේ Foreign exchange කියන එකේ කෙටි තේරුම.ලෝක මුල්‍ය වෙළද පොළ කියලත් හදුන්  වනවා.දන්නවනේ කොටස් වෙළඳ පොළ අන්න ඒ වගේ එකක් එකේ හුවමාරු වෙන්නේ සමාගම් වල කොටස් නේ.මේකෙදි හුවමාරු වෙන්නේ විදේශයන් ගේ මුදල්.එකයි එකට මුල්‍ය වෙළඳපොළ කියන්නේ.මේක ලෝකේ කොටස් වෙළඳ පොලට වඩා ප්‍රබලයි.දිනකට U.S Doller ට්‍රිලියන 4 කට අදික මුදල් ප්‍රමානයක් මේ හරහා හුවමාරු වෙනවා.කොහොමද එක? නේද. ඒ කියන්නේ රටවල්  මුදල් ණයට ගැනීම්,කරන සංවර්දන කටයුතු, යුද්ධ සටන්, වගේ හැම දේම මෙයට බලපානවා.එම නිසා එක එක රටවල මුදලේ අගයට කරන බලපෑම මේ මගින් නිරුපනය වෙනවා.මෙතැනදී ලෝක බලවත් රටවල මුදල් ඒකක තමයි යොදාගන්නේ.


කොහොමද මේකෙන් අපි සල්ලි හොයන්නේ?


මන් උඩදී කිවුවනේ Forex කියන්නේ මොකක්‌ද කියලා.ඉතින් Forex වෙළඳපොළට බලපාන්නේ විවිධ රටවල ක්‍රියාකාරකම් නිදසුන් විදිහට රටවල්  මුදල් ණයට ගැනීම්,කරන සංවර්දන කටයුතු, යුද්ධ සටන්, පර්යේෂණ, වෙළදම් වගේ දේවල්.ඒ නිසා මුදලේ අගයටවන බලපෑමක් තයෙනවා. නිදසුනක් විදියට ගත්තොත් ලංකාව විශාල වශයෙන් ණය ගත්නේ පහුගිය කාලේ.එතකොට රටේ නැති මුදලක්එකපාරට රටටඑනවා එතකොට මුදල් බහුලවීම නිසා මුදලට තියෙන ඉල්ලුම අඩු වෙනවා.එතකොට  මුදලේ අගය අඩු වෙනවා.හැම මුදල් ඒකකයක්ම සාපේක්ෂව නේ බලන්නේ.අපිඅපේ රුලියල ඇමරිකානු ඩොලරය සමග සසදුවොත්  $1 ගන්න රුපියල් 15(2018.3.27 දිනට) ඕන.එනම් රුපියල  1/153 =0.00645 වේ.මෙන්න මේ මුදල් වල කාලයට සාපේක්ෂව සිදුවන අගයේ වෙනස් වීම(එක්කෝ වැඩිවෙනෝ එක්කෝ අඩු වෙනෝ) යොදාගෙන තමයි අපි  සල්ලි හොයන්නේ.

  කොටස් වෙළද පොළ ගමුකො පැහැදිලි කල්ල දෙන්න තවත්. සමාගමකට තම ව්‍යාපාර  කටයුතු පුළුල් කරන්න අවශ්‍ය වෙනකොට එයාල කරන්නේ එක්කෝ මුදල් ණයට ගන්න එක හරි තම ව්‍යාපාරයට තව හවුල් කාරයන් සම්බන්ද කරගෙන මුදල් හොයන එකනේ.එතකොට ඔය දෙවනියට කියපු එක ඒ කියන්නේ තව හවුල් කරන සම්බන්ද කරගන්නේ සමාගමේ මුළු වටිනාකම කොටස් වලට කඩල   කොටස් වෙළඳපොලේ විකුණන එකනේ.පස්සේ ව්‍යාපාර කටයුතු පුළුල් කල්ල ලබන ලාභය කොටස් හිමියන්ට ගෙවනවානේ.හැබැයි loss උනොත්ඉවරයි නේ.
   මෙන්න මේ වගේ මුල්‍ය වෙළඳපොලේ ප්‍රදාන රටවල(ඇමරිකාව,ඔස්ට්‍රේලියාව,නව සීලන්තය,ජපානය,රුසියාව,එංගලන්තය, යුරෝපාරටවල්) සිදුවන වෙනස්කම් නිසා එම රටවල මුදලේ  අගය අඩු වීම හා වැඩි වීම යොදාගෙන තමයි අපි හම්බ කරන්නේ.හිතන්න අපි 2018 ජනවාරි මාසේ u.s.d $10 ගත කියල රු.14000 කට.දැන් වටිනාකම එහි $10 හී රු.15500 නම් .දැන් අපි ඒ ටික විකුනුවොත් 15500-14000=1500 ලාබයක් තියෙනවනේද.අන්න ඕක තමයි මෙතන වෙන දේ සරලවම.හැබැයිකොටස් වෙළඳ පොලේ අපිට ලාභ ගන්න පුළුවන් මිල වැඩි වුනොත් විතරනේ.මෙතැනදී මිල අඩු වුනත් අපිට ලාභ ලබන්න පුළුවන්.මේකට හේතුව එක් මුදල් වර්ගයක් නොව මුදල් වර්ග ඒකක දෙකක් මේ සඳහා බාවිතා විමයි.

ලිපිය ගොඩක් දිග උනාට සමාවෙන්න මොකද පැහැදිලි කිරීමක් නැතිව පටන්ගන්න වැඩේ හරියන්නේ නැ.
මේ ගැන ඉදිරියට හොඳට කතාකම්මු රැඳෙන්න අප සමගම...............
                                                                                                                   


      

Comments

Popular posts from this blog

ෆිවෙර්